Tuesday, August 16, 2011

වේදිකාවේ කොටස් හදුනා ගනිමු...........

       රංග ශිල්පියෙකු වේදිකාවට  පිවිසිමට පෙර ඔහු දැන ගත යුතු බොහොමයක්  කරුණු තිබේ. නුතනයේ එක රැයකින්  ජනප්‍රිය තරු බවට‍ පත් වන මෙගා ටෙලි නාට්‍ය ශිල්පීන් මෙන් වේදිකා නාට්‍ය ශිල්පියෙකු එක රැයකින් බිහි කල නොහැක. ඒ මන්ද යත් ඔහු ප්‍රගුණ කල යුතු බොහෝ දේ හා උගෙන ගත යුතු බොහෝ දේ ඇති නිසා වෙනි. පරිනත රංග ශිල්පියෙකු වේදිකාවේ ඇති අංග සියල්ල මනාව අවබොධ  කොට ගත්තෙක් මෙන්ම සතර අභිනයෙහි   කෙල පැමිණියෙකි. ඔහු මනා  විනයක් හා මනා හික්මීමක්  ඇති පුද්ගලයෙක් අත්‍යවශ්‍යයෙන්ම විය යුතුය. නූතන නව රැල්ලේ රංගන ශිල්පීන් තුල මෙම හික්මිම හා විනය තිබේදැයි පසුවට සැලකිය යුත්තකි. අප අද සිට ඇරබෙන මෙම ලිපි පෙළෙන් ඒ සියල්ල පිළිබද විමසීමක යෙදෙමු.
                                                        පළමුවෙන්ම අප රංගන ශිල්පියාට පුජනීය වස්තුවක් වන වේදිකාවේ ප්‍රධාන අංග පිලිබද සොයා බලමු.      

                                    මුලිකවම වේදිකාව කොටස් තුනකට බෙදා වෙන් කරනු ලබයි. එනම් ඉදිරි පස , මැද , පසුපස යනුවෙනි. මෙම මූලික කොටස් තුනත් තවත් කොටස් හයකට බෙදා වෙන්කළ පසු අපට වේදිකාවක කොටස් අදුනා ගත හැකිය. එනම් වේදිකාව ප්‍රධාන කොටස් 9 කට බෙදා වෙන් කර දක්වනු ලබයි.පහත රූපයෙන් දැක්වෙන්නේ එම කොටස් නවය වේ.







1. මැද                                  4. ඉදිරි මැද                      7. පසුපස මැද
2. මැද දකුණු මැද               5. ඉදිරි දකුණු මැද            8. පසුපස දකුණු මැද
3. මැද වම් මැද                   6. ඉදිරි වම් මැද               9. පසුපස  වම් මැද

         මෙසේ වේදිකාව බෙදා වෙන්කිරීම මගින් රංගන ශිල්පියාට සැලසෙන පහසුවටත් වඩා පහසුවක් සැලසෙනුයේ වේදිකා ආලෝකකරණ ශිල්පියාටයි. ඒ මන්ද යත් ස්පොට් යනුවෙන් හදුන්වන මෙම ස්ථාන වලට  ආලෝක දහරාවන් එල්ල කල හැකි පරිදි සපෝට් ලයිට්  සවි කර තිබිමයි. 
                          
                   මෙම සියලු ස්ථාන තුලින් රංගන ශිල්පියාට වඩාත් වැදගත් වන්නේ ඉදිරි ස්පොට්   තුනයි. ඒ මන්ද යත් ප්‍රේක්ෂකයා හට තමන්ගේ අභින පෙන්විය හැකි දැනවිය හැකි වඩාත් හොදම ස්ථානය වන්නේ ඒ ස්ථානයි, ප්‍රේක්ෂකයාට වඩාත් සමීප විය හැක්කේ ද එම ස්ථාන තුලිනි.  පසුපස ස්පෝට් බොහෝ දුරට යොදා ගනුයේ සෙට් එක යනුවෙන් රංග භාෂාවෙන් හදුන්වන වේදිකා සැරසිලි
වලටයි . මෙම කොටස් නිසි ආකාරයෙන් භාවිතා කිරීම තුලින් වඩාත් අර්ථාන්විත මෙන්ම ආකර්ශනීය රංගනයක් ඉදිරි පත කල හැකිය. විදේශිකයන් පහත ආකාරයේ සංකීර්ණ බෙදීමක් ද ඒ සදහා යොදා ගනු ලබයි.




               


                                   මෙම රූප සටහන මගින් වේදිකාවට පිවිසිය හැකි ස්ථාන මෙන්ම තිර  පිහිටීමද දක්වා ඇත. පුර්ණ වේදිකා රංගන ශිල්පියෙකු නම් මේ පිහිටීම් නිවරැදිව දත යුතුය. එවිට අඩුපාඩු වලින් තොර පිරිපුන් රංගනයක් ඉදිරිපත් කල හැක. ජයලත් මනෝරත්නයන් වේදිකාව පිළිබද පවසන්නේ " බිත්ති හතරකින් යුතු කාමරයක එක බිත්තියක් බිද ඒ තුලින් ඔබ දකින්නේ, අප රගනා රගබිමය.   ඔබට පෙනෙනුයේ කුමක්ද?.. ඔබේ ජිවිතයම නොවේද?" යන්නයි .
                                          ඔහු වේදිකාව හදුන්වන්නේ බිත්ති හතරකින් යුතු කාමරයක එක බිත්තියක් බිද ඇති තැනක ලෙසිනි . ශේෂ්පියර් එයදක්වන්නේ "The stage was flexible, allowing quick changes of scene as actors moved from one door to the other, carrying any props they needed."  එලසිනි . ඔබට එම යුගයේ වේදිකාවක් හා එහි කොටස් දැක බලා ගැනීමට මෙය ක්ලික් කරන්න. එම රුපයේ ඇති තැන් ක්ලික් කිරිම තුලින් ඔබට ඒ පිළිබද විස්තර ලබා ගත හැක.  ඉදිරියේදීත් මෙවැනි කරුණු විමසා බලමු.


1 comment:

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.