Tuesday, August 16, 2011

වික්‍රම ආරච්චිගේ විජිත ප්‍රේමප්‍රිය. (මගේ ආදරණිය ගුරු පියාණන්)



         නම :- වික්‍රම ආරච්චිගේ විජිත ප්‍රේමප්‍රිය.
         ලිපිනය :- 247/C, පිටවෙල, ගනේමුල්ල.
         උපන් දිනය :- 1962 ජූලි 11
         දුරකථන අංකය :- 071 8176767

    
                                                                   
     තම දෙමාපියන්ගේ ජිවන දායාදයෙන් කලා සයුර බබලවන්නට පෑයූ කලාකරුවෙකි විජිත ප්‍රේමප්‍රිය මහතා. සිය මවගේ පියා ටීටර් නාට්‍ය ශිල්පියෙකු ලෙස දැක් වූ සහජතා, උරුම වූ ඒ පන්නරයෙන් ප්‍රභාමත් කලාකරුවෙකු ලෙස දොරට වැඩි ඔහු ලේකකයෙකි. නාට්‍ය ශිල්පියෙකි. බුද්ධිමත් පරිපාලන නිලධාරියෙකි.
                                                 ගනේමුල්ල සිරි සීලරත්න කනිටු විදුහලෙන් මුලික අධ්‍යාපනය ලැබූ විජිත සිසුවා පස්වන ශ්‍රේණියේ සිට එකළොස්වන ශ්‍රේණිය දක්වා ගලහිටියාව හේමමාලි මහා විදුහලින්, අධ්‍යාපනය ලබා නැවත 12-13 ශ්‍රේණිවල ගලහිටියාව මහා විද්‍යාලයට 1982 වසරේ ඇතුළු වූ  ඔහු 1984  දක්වා අධ්‍යාපනය හදාරා 1986 ශාස්ත්‍රවේදී උපාධියත්, 1995 දී පශ්චාත් උපාධි ඩිප්ලෝමා විභාගයෙන්ද සමත් විය.
                                                  පුංචි සංදියේ කලා කටයුතු කෙරේ ඇදී ගිය ප්‍රේමප්‍රිය මහතා වයස අවුරුදු 6 දී ගම්මට්ටමේ ප්‍රසිද්ධ වේදිකාවේ සිය වැඩිමල් සොයුරා නිෂ්පාදනය කළ "වෙස්සන්තර" නාට්‍යයේ ජාලියගේ චරිතයට පණ පෙව්වේය. අවුරුදු 8 දී "මාතලන්" නාට්‍යයේ මාතලන්ගේ චරිතයත්, අවුරුදු 10 දී "රාජ්‍යතන්හාව" නාට්‍යයේ මුගලන්ගේ චරිතයටත් පනපොවා විවිධ නාට්‍ය ගණනාවක රගපාමින් නාට්‍ය නිෂ්පාදනය ද කළේය.
                                                    නටය රචනය, නිෂ්පාදනය, රගපෑම, සංගීත අධ්‍යක්‍ෂණය, ගීත රචනය, කාව්‍ය රචනය හා හිටවන කවි නිර්මාණය ආදී විවිධ කුසලතාවයෙන් පිරි විජිත ප්‍රේමප්‍රිය මහත්මා ජිවිතයේ නොමැකෙන කලා ජයග්‍රහණ රාශියක් ද දිනා ඇත. කෙටි නාට්‍ය රචනය, නිෂ්පාදනය කර යෞවන සම්මාන උළලේදී ජාතික මට්ටමේ සම්මාන රැසක්ද හිමිකර ගත්තේය. 1984 "කෙල පැමිණියෝ" පුර්ණ ශෛලිගත නාට්‍යය රචනය, නිෂ්පාදනය කරමින්  එහි රගපෑම ද විදු කරමින් ජනතා ප්‍රසාදයට ලක්විය.
                                                   තවද රාජ්‍ය ළමා නාට්‍ය උළෙල,රාජ්‍ය කෙටි නාට්‍ය හා නාට්‍ය උළෙලවල්  රාශියක් සදහා තමාගේ ස්වතන්ත්‍ර නිර්මාණ ඉදිරිපත් කර ජය පිට ජයග්‍රහණ හිමිකර ගනිමටද හැකිවිය.
                                                    නාට්‍ය නිෂ්පාදනය කරමින් ආධුනික කලා ශිල්පීන්ගේ දියුණුවට අතදීමට එතුමා අමතක කලේ නැත. විවිධ ආයතනවල, පාසල්වල විවිධ නාට්‍යකරණ පාඨමාලා සංවිදානය කරමින් තරුණයන්ගේ කුසලතා ඉස්මතු කර ඔඋන් වෙනුවෙන්ම නොමිලේ පන්ති පවත්වමින් කල සුවිසල් මෙහෙවරද අගය කල යුතුය. මා එය සාඩම්බරයෙන් කියනුයේ මමද එතුමාගේ ශිෂ්‍යයෙක් වන බැවිනි.
                                                        
විජිත ප්‍රේමප්‍රිය මහතා තම ජිවිත කාලයේ නාට්‍යකරණය තුල  විශේෂ පුහුණුවක් හා දැනුමක් ලත ප්‍රවිනයෙකි. ජාතික තරුණ සේවා සභාවෙන් නාට්‍ය පාඨමාලා  හැදෑරීම, කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රිට්ස් බෙනවික්ෂ යටතේ නාට්‍ය කලාව හැදෑරීම, ටෙලිමුවී ආයතනය යටතේ ටෙලි නාට්‍ය කලාව හැදෑරීම, නන භාෂා විවිධ නාට්‍ය හා රංග කලා පාඨමාලාවන් හදාරමින් සංගීතය ද හදාරා තම හැකියාව ප්‍රගුණ කර ගත්තේය.
                                                           කලාවට මෙන්ම ක්‍රීඩාවට ද  හපන්කම් දැක්වූ ඔහු, 1980-1985 කාලසීමාව තුල මල්ලව පොර ක්‍රීඩාවටද යොමු වී ජයග්‍රහණ රැසක හිමි කර ගත්තේය.
                                                           තම වෘත්තීය මට්ටමේ සේවය ආරම්භ කරමින් 1985-1988 වසර වල අම්පාර පදියතලාව මාධ්‍ය මහා විද්‍යයාලයේ ද, 1988-1990 වසර වල ගම්පහ හීන්කෙන්ද මහා විද්‍යයාලයේ 3 ශ්‍රේණියේ විදුහල්පතිවරයා ලෙස ද, 1993-1995 වසර වලදී ශ්‍රීලංකා අධ්‍යාපන පරිපාලන සේවය සමත්ව , බදුල්ල කොස්ලන්ද විදුහලේ විදුහල්පති  වශයෙන්ද , සේවය කොට 1995 ශ්‍රීලංකා පරිපාලන සේවා විභාගයෙන්ද සමත් විය. 1995-1997 කොළඹ සහකාර ඉඩම් කොමසාරිස් ලෙස ද පත වූ ඔහු 1997-2000 වසර වලද ඔහු දොම්පේ හා ජා -ඇල  සහකාර ප්‍රාදේශීය ලේකම් වශයෙන් සේවය කොට 2000-2010  ජා-ඇල ප්‍රාදේශීය ලේකම් වශයෙන් පත්විය. 2010 වසරේ සිට පේෂකර්මාන්ත දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට පත්වී කටයුතු කරමින් සිටියි.
                                                               විජිත  ප්‍රේමප්‍රිය මහතා හදවතින්ම කලාවට උපන් හපන්කම් දක්වන, නිහතමානි,සමාජශීලි, අවංක චේතනාවෙන් ක්‍රියා කරන මානව හිතවාදියෙකි. කලා ජයග්‍රහණ රැසක දිනා ඇති ඔහු යහපත් දිවියක් ගත කරන ශ්‍රේෂ්ඨ කලා කරුවෙකි.

                                                                                                                              උපුටා ගැනීම් හරසර සගරාව

No comments:

Post a Comment

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.