Saturday, November 10, 2012

සරසවි වරම් අහිමිද? ... ඔබටත් උසස් අධ්‍යාපනයට වරම්

අදනම් පාඩමක් ගේන්න නෙවේ යන්නේ ..... ජර්මන් පාඩම් මාලාවට ගොඩක් අයගේ ඉල්ලුම තියෙනවා අනිවාර්යෙන්ම නාට්‍යකරයා ඒ පාඩම් මාලාව දිගටම කරගෙන යනවා....


                       අද මම කියන්න යන්නේ උසස් අධ්‍යාපනය ගැන. අපේ ගොඩක් සහෝදර සහෝදරියන්ගේ ලොකුම බලාපොරොත්තුව තමා උසස්පෙළට අවුරුදු දෙකක් හැල්මේ දුවලා ඉවර වෙලා කොහොම හරි විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙන්න නේද? එත් අපේ ශ්‍රීලංකාව ඇතුලේ උසස්පෙළ සමත් වෙන හැම කෙනෙකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙන්න තරම් පහසුකම් නෑ.  අන්න ඒ අවශ්‍යතාවය ගැන කල්පනා කරපු උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රාථමික විශ්වවිද්‍යාල කියලා එකක් ගේනවා. ඒකට ඇතුලත් කරගන්නේ විශ්වවිද්‍යාල වලට යන්න z ලකුණු ප්‍රමාණවත් නොමැති උන අයව, නැතිනම් විශ්වවිද්‍යාල වලට ගොස් කාලය වැඩියෙන් නොයවා අවුරුදු 3ක් වැනි  කාලයක්  ඇතුලත උසස් ජාතික ඩිප්ලෝමාවක් ලබා වෘත්තීය සුදුසුකමක් ලබාගෙන ඉක්මනින් රැකියා වෙත යොමු වන්න බලාපොරොත්තු වන අයවයි.
               
              නමුත් දැන් එම ආයතන සියල්ල උසස් තාෂණික ආයතන (SRI LANKA ADVANCED TECHNOLOGICAL EDUCATIONAL INSTITUTE)) ලෙස හදුන්වනු ලබන අතර ඩිප්ලෝමා පාඨමාලා රාශියක් ලබා දෙනු ලබනවා. මේ සියල්ල නොමිලයේ ලබා දෙන අතර අඩු ආදායම් ලාබී පවුල්වල ළමුන් හට මහපොළ ශිෂ්‍යාධාරය ද ලබා දෙනු ලබනවා. එමෙන්ම දෙහිවල ආයතනය තුල ගැහැණු ළමුන් සදහා නේවාසිකාගාර පහසුකම් ලබා දෙනු ලබනවා. සෑම ආයතනයක් තුලම පරිගණක විද්‍යාගාර, පුස්ථකාල පහසුකම් ලබා දෙනු ලබනවා. එමෙන්ම දෙහිවල ආයතනය තුල ළමුන් සදහා නොමිලයේ WiFi ජාලයක්ද ක්‍රියාත්මක වෙනවා.



                             මෙම ආයතන සමාජයට විශාල මෙහෙවරක් ඉටු කරන අතර දැනට ඇති රැකියා වෙළදපලේ ස්භාවය තේරුම් ගෙන නව පාඨමාලාවන් රටට හදුන්වා දෙමින් සිටී. දැනට ආයතනය තුල තිබෙන සම්ප්‍රදායික පාඨමාලා වෙනුවට 2012 වසරේදී නවමු විෂයයක් ලෙස සංචාරක හා සත්කාරක කළමනාකරණ පාඨමාලාවක් අලුතෙන්ම ආරම්භ කරනු ලැබුවා. එය දැනට ලෝකයේ මෙන්ම නුදුරු ආනාගතයේ රටට ආදායම ලබා දෙනු ලබන විශාලම කර්මාන්තය වන බැවින් අනෙක් පාඨමාලා අභිභවා මෙම ආයතන තුල ප්‍රචලිත වනු ඇතැයි  ඔවුන් දැඩි විශ්වාශයෙන් පසුවේ.

          මෙම  ආයතන තලින් ලබාදෙනු ලබන ඩිප්ලෝමා සහතිකය ඕනෑම රටක් තුල පිළිගන්නා ලබන අතර උපාධි සහතිකයට සමාන පිළිගැනීමක් ලබාදී තිබෙනවා.මන්දයත් ඕනෑම පාඨමාලාවක් අවසානයේ ඔබව NAITA ආයතනය හරහා ආයතනයක් තුල සේවය කරමින් (Industrial Training) ඔබට අත්දැකීම් ලබා ගැනීමට අවස්තාව සලසා දී තිබෙනවා. එම පුහුණුව හේතුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට වඩා පිලිගැනීමක් මෙම ආයතනයේ ඩිප්ලෝමාදාරියෙකු හට හිමි වන බව නොරහසකි. ඔබට අවශ්‍යනම් මෙම පාඨමාලාවෙන් පසුව ඔබේ ඉදිරි අධ්‍යාපනය කරගෙන යාමටද අවස්ථාව සලසා දී තිබෙනවා එනම් Degree, Msc හා Phd යන වශයෙන්. එමෙන්ම ශ්‍රීලංකාව තුල උසස් ජාතික ඩිප්ලෝමා ලබා දිය හැකි එකම බලය ඇති ආයතනයද මෙය පමණි.     

  ඔබගේ අවශ්‍යතාවය ඉක්මන් රැකියාවක් හා වෘත්තීය සුදුසුකමක් සහිත උසස් අධ්‍යාපනයක් නම් ඔබ මෙම ආයතනයක ලියාපදිංචි වන්න. 2013 වසර සදහා ලියාපදිංචිය 2012.11.30 අවසාන වේ. ශ්‍රීලංකා ව වටා ඇති ආයතන පහත දැක්වේ

01 Dehiwala Waidya Rd., Dehiwala. 011-2738349 atideh@sliate.net
02 Labuduwa Siridamma Mw, Labuduwa, Akmeemana 091-2227880 atilab@sliate.net
03 Kandy No. 16, Keppetipola Rd., Kandy. 081-2226644 atikan@sliate.net
04 Kurunagala No. 22/1, Wilgoda Rd., Kurunegala. 037-2224911 atikur@sliate.net
05 Badulla Greenland Drive, Badulla. 055-2230218 atibad@sliate.net
06 Jaffna No. 78, Palaly Rd., Jafna. 021-2222595 atijaf@sliate.net
07 Colombo No. 42 Rodrigo Place, Colombo 15. 011-2521152 atimak@sliate.net
08 Naiwala Naiwala, Essalla, Veyangoda. 033-2292544 atinai@sliate.net
09 Ampara Inginiyagala Rd., Ampara. 063-2222056 atiamp@sliate.net
10 Trincomalee Selvanayagapuram Rd, Uppuweli ,Trincomalee. 026-2223232 atitri@sliate.net
11 Galle Richmond Hill Rd, Kaluwella, Galle 091-2223774 atigal@sliate.net
12 Kegalla Bandaranayake MW, Kegalle 035-2221297

http://www.sliate.net/  වැඩි විස්තර මෙම ලින්කුවෙන් ලබා ගත හැක.

1 comment:

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.