Saturday, November 10, 2012

උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ පාඨමාලාව

උසස් තාක්‍ෂණික ආයතනය විසින් 2012 වර්ෂයේදී හදුන්වාදුන් පාඨමාලාවක් වන අතර දැනට උසස් තාක්‍ෂණික ආයතන තුල පවතින වටිනාම පාඨමාලාව ලෙස හැදින්නුවද වරදක් නොමැත. මන්ද යත් 2016 වසර වන විට රජයේ මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව ශ්‍රීලංකාව තුල අදායම උපයන ඉහලම කරමාන්තය ලෙස මෙම සංචාරක අංශය දක්වා ඇත. එම නිසාවෙන් විශාල රැකියා ප්‍රමාණයක් මෙමගින් උත්පාදනය වන අතර එම ඉල්ලුමට සරිලන උගතුන් පිරිසක් තවමත් ශ්‍රීලංකාව තුලින් බිහිවී නොතිබේ. විශ්වවිද්‍යාල සුළු ප්‍රමාණයක සංචාරක පාඨමාලාව ක්‍රියාත්මක වුවත් ඔවුනට වඩා අත්දැකීම් බහුල පිරිසක් මෙම ආයතන ව්‍යුහය තුලින් බිහි කිරීමට හැකියාවක් තිබේ මන්ද යත් මෙම ආයතනය තුල ඉගෙනුම ලබන ශිෂ්‍යයන් හට ප්‍රායෝගික දැනුම වැඩි වශයෙන් ලැබෙන බැවිනි.එමෙන්ම මෙම ආයතනය තුල අධ්‍යාපනය ලබන සිසුන් හට NAITA ආයතනය හරහා සිව් මස් රැකියා පුහුණුවක් ලබා දෙනු ලබයි. මෙය විශ්වවිද්‍යාල සිසුන් හට නොලැබෙන විශේෂ අවස්ථාවකි.
  එමෙන්ම විශ්ව විද්‍යාල
සිසුන් විශ්වවිද්‍යාලයෙන් පිට වීමට ප්‍රථමයෙන් අවු:3 ක් ඇතුලත මෙම පාඨමාලාව හදාරා අවසාන කිරීමට සිසුන් හට අවස්තාව සැලසේ.එමෙන්ම නවීන පරිගණක විද්‍යාගාර පහසුකම්, පුස්තකාල පහසුකම් , නේවාසිකාගාර පහසුකම් ඈතුලු සියලුම පහසුකම් නොමිලයේම ලැබේ. ඊට අමතරව මහපොළ ශිෂත්වයද සිසුනට හිමිවේ. පෞද්ගලික ආයතනයක් තුල ඔබ මෙම පාඨමාලාව හැදාරුවහොත් ඔබට ලක්ෂ 8 ක පමණ මුදලක් වය කිරීමට සිදුවේ. නමුත් ඔබට සම්පුර්ණයෙන්ම නොමිලයේ මෙම පාඨමාලාව හැදැරීමේ අවස්ථාව උසස් අධයාපන අමාත්‍යංශය විසින් සලසා දී තිබේ. මෙය රටේ ඉදිරි අවශ්‍යතාවය වෙනුවෙන් ආරම්බ කරන ලද පාඨමාලාවක් හේතුවෙන් රැකියා පිළිබද කිසිම සැකයක් තබා ගැනීමට අවශ්‍ය නොවේ.

ඔබ  හට පලවන වසර තුල පොදු විෂයයන් ඉගෙනීමට සිදුවන අතර දෙවන වසරේ සිට ඔබට‍ අවශ්‍ය area එකක් specialize කිරීමට සිදු වේ එම අංශ පහත පරිදි වේ...

Entrepreneurial
Policy making
Educational
Hospitality
Coastal 

ඒ අනුව ඔබ ඩිප්ලෝමාව හදාරා අවසන් වන විට ඔබගේ ඩිප්ලෝමාව මෙම පහෙන් එකක specialize එකක් ලෙස  හමුවේ..

මෙම  ආයතන තලින් ලබාදෙනු ලබන ඩිප්ලෝමා සහතිකය ඕනෑම රටක් තුල පිළිගන්නා ලබන අතර උපාධි සහතිකයට සමාන පිළිගැනීමක් ලබාදී තිබෙනවා.මන්දයත් ඕනෑම පාඨමාලාවක් අවසානයේ ඔබව NAITA ආයතනය හරහා ආයතනයක් තුල සේවය කරමින් (Industrial Training) ඔබට අත්දැකීම් ලබා ගැනීමට අවස්තාව සලසා දී තිබෙනවා. එම පුහුණුව හේතුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට වඩා පිලිගැනීමක් මෙම ආයතනයේ ඩිප්ලෝමාදාරියෙකු හට හිමි වන බව නොරහසකි. ඔබට අවශ්‍යනම් මෙම පාඨමාලාවෙන් පසුව ඔබේ ඉදිරි අධ්‍යාපනය කරගෙන යාමටද අවස්ථාව සලසා දී තිබෙනවා එනම් Degree, Msc හා Phd යන වශයෙන්. එමෙන්ම ශ්‍රීලංකාව තුල උසස් ජාතික ඩිප්ලෝමා ලබා දිය හැකි එකම බලය ඇති ආයතනයද මෙය පමණි.

එමෙන්ම  මලයාසියාවේ Lincon විශ්වවිද්‍යාලය සමග ඇති ගිවිසුමට අනුව ඔබ ඩිප්ලෝමාව ලබා අවසාන වූ පසුව අවුරුද්දක් වැනි සුළු කාලයක් තුල එම විශ්වවිද්‍යාලයේ උපාධි සහතිකය ශ්‍රිලංකාවේ සිටම ලබා ගැනීමේ අවස්ථාවද හිමිවේ. එමෙන්ම එම විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්ව 10 ක්ද ලබා දී තිබේ. ඩිප්ලෝමාව ලබා අවසාන වූ පසුව ශ්‍රීලංකාව තුල ඕනෑම සංචාරක පාඨමාලාව සහිත විශ්වවිද්‍යාලයක් සමග සම්බන්ධ වී ද ඔබට උපාධි සහතිකය ලබා ගත හැකි වනු ඇත.

සම්පුර්ණ නොමිලයේ පවත්වන මෙම පාඨමාලාව දෙහිවල උසස් තාක්ෂණික ආයතනය තුල හා තවත්  ආයතන තුනක් තුල පැවැත්වේ... නවක සිසුන් 2013 වර්ෂය සදහා බදවා ගැනීම දැන් සිදු කරන අතර එය 2012.11.30 දිනෙන් අවසාන වේ. ඔබත් මෙවැනි පාඨමාලාවක් හැදෑරීමට බලාපොරොත්තු වනවානම් පෞද්ගලික අංශයට මුදල් නාස්ති නොකර මෙම ආයතනය හා එක්වන්න..... වැඩි විස්තර පහත දුරකථන අංක දෙකෙන්  ලබා ගත හැකි වන අතර ඔබගේ ලිපිනය ඔවුන්ට sms කර විස්තර හා අයදුම් පත්‍රය නිවසටම ගෙන්වා ගන්න.

Asanga :-   0788943226
Susantha :- 0786162453
Dulan      :- 0719627271
christene :- 0775919832
   

1 comment:


  1. Entrepreneurial
    Policy making
    Educational
    Hospitality
    Coastal

    මෙවුව මොනවද...මේවයින් හොඳ මොකක්ද...මොනවද තියෙන කරුණු..මේන්න මේව ගැන පැහැදිලි කරල දෙන්න පුලුවන්ද??

    ReplyDelete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.