Friday, February 28, 2014

බන්ඩාගේ බයිසිකලය හා අනූනවයෙන් පණ බේරා ගැනීම


බණ්ඩා යනු මගේ දුකට සැපට 1 වසරේ සිට මේ දක්වා එකට සිටිනා ගජයාය මූ හට ලගක සිට අමුතු උනක් බෝඋනේය. සමහරුන්නම් ඕක හදුන්වන්නේ රථ ගාය කියාය. මුට රථ ගාය ඇතිවීමට වෙනත් රෝගයකුත් බලපෑවේය එනම් ලව් සික් නැමැති රෝගයයි මූ උදේ පාන්දර නැගිට මස්සිනාගේ බයිසිකලය රැගෙන උගේ කෙලිරත්නයව පාසලට ඇරලවීමට යයි. නමුත් මුට ලගක සිට තමන්ගේම බයිසිකලයක කෙල්ලව පාසලට ඇරලවීමට දොලක් උපන්නේය එයින් දුකට පත් වූයේ අහල පහල ඉන්නා අහිංසක නාට්‍යකාරයාය මූ හැමදාම වැඩ ඇරී 7 විතර අප නිවසට පැමින මචං හොද බයිසිකලයක් තියෙනවා බලන්න යමුද කියයි. මාත් ඉතින හා කියමි. නමුත් ඒවා ඇත්තේ ලග අහල පහලකනම් නොවේ නිට්ටබුව, කඩවත මීගමුව මේ හැමතැනම සතියක්
තිස්සේ රෑ 10  , 12 වන  තුරු කරක් ගැසීය.
අන්තිමට කඩවතින් උගේ හිතට ඇල්ලූ බයිසිකලයක් හමුවිය. එය බැලීමටද ආපසු 3 පාරක් ගියේ ඒ ආසාවටදැයි නොදනිමි. පෙරේදා දින බයිසිකලය ගැනීමට ගොස් අයිතිකරුවාද සමග බයිසිකල් වැඩපොලකට ගියේ බයිසිකලයේ පොඩි ලුහුවත් වීමක් ෂෝට් එකක් තිබූ නිසාය ඒ ගියේද කිරිබත්ගොඩ එඩ්වඩ් අයියා ලගටය. ඔහුගේ වැඩ හොදය ඒ නිසාම පැය දෙකක් පමණ එතන නිකන් කාලය කාදැමුයේ ඔහුට වෙන වැඩක් තිබූ නිසාය. අන්තිමට අපේ වරය පැමිනියේය ඔහු පැවසුයේ බයිසිකලයේ රෙක්ටෆයර් එක පිච්චී ඇති වගයි. ඒ වෙලාවේ එය මාරුකිරීමට කාලයක් නොවූ බැවින් යන්තන් අටවා ගෙන ගමන පිටත් උනි. බන්ඩා ආවේ වෙන බයිසිකලයකය මට ඒමට සිදූනේ මිලදී ගත් බයිසිකලයේය එය මරනයකි බ්‍රේක් කදුලක් නැත බොහොම අමාරුවෙන් ගනේමුල්ලට පැමිනියෙමි, නාට්‍යකාරයා හට අමුතු ගදක් දැනුනි. එය කරවෙන ගදකි අහෝ බලන විට නාට්‍යකාරයාගේ හතරවටෙන් ගිනි ගොඩක මෙන් විශාල දුමක් පිටවේ. නාට්‍යකාරයා බයවුන බයවිල්ලට බයිසිකලයෙන බැස බයිසිකලය එතන දමා දිව්වෙය එනම් මරණ බයයි නාට්‍ය කාර්‍යා හිතුවේ එදාම මලගම සිදුවෙයි කියාය බන්ඩා දුම් මැද්දේ බයෙන් බයෙන් ගොස් සුවිච් එක නිවා දැම්මේය අහෝ බයිසිකලයේ සියලු වයර් ගිනිගෙන තිබුනි. බයිසිකලය මැගින්ටෝ නිසා හොදට ගියේය බැටරිය ගලෝගෙන අතට ගෙන සයිකලය ස්ටාර්ට් කරගෙන ආවේය. අහෝ නිවන්දමදී පැට්‍රල් නැතිව හිටියේය රෑ එකොලහය පැට්‍රල් ගන්නට කඩයකුදු නොමැත ගෙදරටම ඇදගෙන ආ නිසා නාට්‍යකාරයාගේ තාමත් අත් රිදෙයි. බන්ඩාගේ රථගාය සිදුනේ එසේය.

20 comments:

  1. පරණ ණයක් ඇති ගෙවන්න ඔය වගේ යාළුවන්ට.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. හික්ස් මොනවා උනත් මගෙ ගජයනෙ ඉතින්

      Delete
  2. අයියෝ පව්.. අපේ මල්ලිටත් ඔය ලෙඩේ හිනාව දැන්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කොල්ලන්ට කාලෙකට ඔයවගේ ලෙඩ හැදෙනවා ..

      Delete
  3. edwada gawa hena charter ekane, okage wede ethi hondak nehe, eka parak giyoth ayeth yanna wenawa

    ReplyDelete
    Replies
    1. හැම එකාම කියන්නෙ උගෙ වැඩ නීට් කියලනෙ

      Delete
  4. අයියෝ පුකේ සිංහලය. මෙලෝ රහක් නැතිය. නුඹ සිංහල ඉගෙනගත්තොත් හොඳය.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ඉගෙන ගන්නවා

      Delete
  5. සමාන්‍ය සිද්දීයක් ලියද්දී මේ වගේ භාෂා හුරුවක් පාවිච්චි කරන්න එපා මංචං.. නිර්මණයකට මේ විදිහ ගත්තනම් හරි.. මේ වගේ දේවල් සාමාන්‍ය කතාබහ කරන භාශාවෙන් ලිවුවනම් හොදයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ උපදේශයට අපි ඉතින් ලිවීමට ... මේ ටිකේම පොඩි ගමනක් ගිහින් හිටිය ඒක නිසා කමෙන්ට් ටිකවත් කියවන්න උනේ නෑ

      Delete
  6. මේකේ අකුරු ලොකු කරන්න බැරිද? කණ්ණාඩි කුට්ටම ලිඳට වැටුනා.

    ReplyDelete
  7. අරූ අය්ය අර තියෙන්නෙ පැත්තක මදි නං ලොකු කර ගන්න කියල

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මහේෂ්.

      Delete
    2. හා හා ලොකු කරගන්න එක දැකලා නොවැ

      Delete
  8. හැක් හැක්.... බයිසිකල් නෙවේ එනෙං බයිසිබකල්.... ඇති නාට්ටෙ ගිනිගත්තෙ නැතුව

    ReplyDelete
    Replies
    1. හ්ම් කසිකබල් මමනම් හිතුවෙම එදා නාට්‍යකාරයා ඉවරයි කියල ඕං

      Delete
  9. කොල්ලන්ට ඉතිං රථගාය නැති වෙන්නෙ නැහැ නෙව. ගෑණු ළමයාටත් වඩා ආදරෙන් බලාකියා ගනිවි "රථය". :D

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ඔන්න හැමදාම හෝදනවලු මේ ටිකේ

      Delete
  10. මේ කළු පාට පසු බිමට ඇස් රිදෙනවා යාළු

    ReplyDelete
    Replies
    1. මම වෙනස් කරන්න බලන්නම් මේ පසුබිම

      Delete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.